Monday, September 15, 2025
Follow Us
කොවිඩ් එන්නතක් ගැන වැඩි බලාපොරොත්තුවක් එපා

කොවිඩ් 19 වෛරසයට එන්නතක් සොයාගත නොහැකි වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව කොවිඩ් 19 වසංගතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිත වෛද්‍ය ඩේවිඩ් නැබ්රෝ ප්‍රකාශ කර සිටියි.

එන්නත් සියයකට අධික ප්‍රමාණයක් පරීක්ෂණාගා මට්ටමෙන් සහ එන්නත් දෙකක් මිනිසුන් යොදාගෙන පරීක්ෂණ කිරීමෙන් අනතුරුව වෛද්‍යවරයා මේ සිදුකරන ප්‍රකාශය පිළිබඳව ලෝකයේම ​අවධානය යොමු වී ඇත.

එච්.අයි.වී. සහ ​ඩෙංගු සඳහා ද ඖෂධ සොයාගැනීමේ පරීක්ෂණ සාර්ථක වී නැහැ.

අවසන් වසර හතළිහේදී එච්.අයි.වී. ආසාදනය වීමෙන් මිලියන තිස්දෙකක් මියගොස් තිබෙනවා.

වෛරසයක අවදානම එහෙමයි යැයි පවසන වෛද්‍ය ඩේවිඩ් නැබ්රෝ කියා සිටින්නේ කොවිඩ් එන්නතක් ගැන කොතරම් බලාපොරොත්තුවෙන් සිටියද අවසන් මොහොතේ ඒ සියල්ල බිඳ වැටීමට ඉඩ තිබෙන බවයි.

(Aruna)