කොරෝනා නිසා ‘ඇමති වැටුප’ මාස 6කට කැපේ..රාජ්‍ය ප්‍රධානීන්ටත් එලෙසමයි – ලෝකයටම ආදර්ශයක් මාස 6ක කාලයක් අමාත්‍යවරුන්ගේ සහ රජයේ ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීවරුන්ගේ වැටුප් කපා දැමීමට නවසීලන්තය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ වැටුප් 20%කින් අඩු කිරීමට නියමිතයි. කොරෝනා නිසා ඇතිවන ආර්ථික කඩා වැටීම නිසා මෙම පියවර ගෙන තිබෙනවා. (Lanka Leads)