Thursday, April 09, 2026
Follow Us
වියට්නාමයේ වාර්තාගත උෂ්ණත්වයක්
වසර ගණනකට පසු වියට්නාමයේ වාර්තාගත ඉහළ උෂ්ණත්වයක් සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
වියට්නාමයේ උතුරු තාන් හො පළාතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 44.1 ක් ලෙස ඊයේ සටහන් වී තිබුණු බවයි වාර්තා වන්නේ.
 
2019 වසරේදී වියට්නාමයෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 43.4 ක් බව ද වැඩිදුරත් වාර්තා වේ.