Saturday, December 27, 2025
Follow Us
අමෙරිකාවේ වෙඩි තැබීමකින් 9ක් ජිවිතාක්ෂයට

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරයේ වෙළෙඳ සංකීර්ණයකට ඇතුළු වු තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් එහි සිටි 09 දෙනෙකු මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට අමතරව තවත් 07 දෙනෙකු පමණ රෝහල් ගත ප්‍රතිකාර ගන්නා බවත් එයින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

තුවාල වූ පිරිස අතර කුඩා ළමුන් සිටින බව ද වාර්තා වේ.

පොලීසිය සිදුකළ වෙඩි තැබීමේ දී තුවක්තුකරු ද මියගොස් ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.