Saturday, December 27, 2025
Follow Us
එමිරේට්ස් ශ්‍රී ලංකාව පරමාදර්ශී ගමනාන්තයක්

එමිරේට්ස් ගුවන් සමාගම ශ්‍රී ලංකාව පරමාදර්ශී ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අත්වැල් බැඳ‌ගෙන සිටි.


ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (03) ආරම්භ වූ අරාබි සංචාරක සමුළුවේ දී සිදු කෙරිණ.
එමිරේට්ස් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ පුනර්ජීවනය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කර ඇති අතර සංචාරක ක්ෂේත්‍රය වර්ධනය කිරීමට, ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට ඔවුන් සමඟ කටයුතු කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව දක්වා ඇත.