Thursday, February 12, 2026
Follow Us
ලෝක බැංකුවට නව සභාපතිවරයෙක්

ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස අජේ බන්ගා මහතාව පත්කර තිබේ.

ලෝක බැංකුවේ සාමාජිකයින් 25 දෙනෙකුගෙන් යුත් විධායක මණ්ඩලය ඊයේ රැස්වීමෙන් අනතුරුව මෙම පත්කර තිබෙන්නේ වසර 5ක ධූර කාලයක් සඳහායි.

ඒ අනුව ජූනි මස 02වැනිදා සිට ඔහුගේ පත්කිරීම ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවේ උපත ලද අජේ බන්ගා 63 හැවිරිදි වියේ පසුවේ.

මේ වනවිට අමෙරිකානු පුරවැසියෙකු වන ඔහු Mastercard හි හිටපු ප්‍රධාන විධායක නිලධාරියා ද වේ.