Thursday, February 12, 2026
Follow Us
අධිකරණ ඇමැති හා ශ්‍රී ලංකා ඇමරිකානු තානාපතිනිය අතර හමුවක්

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී ජේ.චන්ග් (Julie J.Chung) මහත්මිය අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී ඊයේ ( 20) සිදුවිය.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පිළිබදව හා මේ වන විට ශ්‍රී ලංකාව විසින් අත් කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය ඇතුළු කරුණු සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා විසින් තානාපතිනිය දැනුවත් කර තිබේ.