Thursday, February 12, 2026
Follow Us
වෘත්තීය සුරක්ෂිතතා කමිටු ජාතික මාර්ගෝපදේශ මාලාවක්

වෘත්තීය සුරක්ෂිතතා කමිටු ජාතික මාර්ගෝපදේශ මාලාව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙත භාරදීම ඊයේ (30) සිදු කෙරුණි.

ඒ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නේවාසික ප්‍රධානී සිම්රිං සිං මහතා විසිනි.

සේවා ස්ථාන තුළ සේවය කරන සේවකයින්ගේ සෞඛ්‍ය සහ සුරක්ෂිතතාවය තහවුරු කරමින් වෘත්තීය සුරක්ෂිතතා කමිටු පිහිටුවීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ලෝක බැංකු කණ්ඩායමේ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවය එක්ව ජාතික මාර්ගෝපදේශ මාලාවක් සකස් කර තිබෙනවා.

ඒ අනුව සේවා ස්ථානවල සෞඛ්‍ය හා සුරක්ෂිතතාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් වන චක්‍රෙල්ඛය, රැකියා ස්ථානයේ ආරක්ෂාව හා සෞඛ්‍ය සඳහා වන ලෝක දිනය යෙදෙන අප්‍රේල් 28 වැනිදා නිකුත් කිරීමට කටයුතු කෙරේ.

මේ අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ. විමලවීර , ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිත මුරලි කනපති ඇතුළු පිරිසක් එක්ව සිටියහ.