Thursday, April 09, 2026
Follow Us
උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිලක්

උතුරු කොරියාව විසින් අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇති බවට දකුණු කොරියාව චෝදනා කර සිටී.

මේ වසර තුළ උතුරු කොරියාව සිදුකළ හත්වන න්‍යෂ්ටික අත්හදාබැලීම මෙය වන බව බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් දකුණු කොරියාව පෙන්වාදෙයි.

එමෙන්ම උතුරු කොරියාව විසින් ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් මෙම වසර තුළ අභ්‍යවකාශ ගතකිරීමට සැලසුම් කර ඇති බවද දකුණු කොරියාව පවසයි.

Aruna