Thursday, April 09, 2026
Follow Us
ලෝක රග්බි කුසලානය දිවයිනට

ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන රග්බි තරගාවලියේ කුසලානය අද දිවයිනට රැගෙනවිත් තිබේ.

මෙම රග්බි ලෝක කුසලානය ප්‍රංශයේ පැරිස් නුවර සිට දිවයිනට රැගෙන ආ බවයි වාර්තා වන්නේ.

රග්බි ලෝක කුසලානය භාරව සහ එහි ආරක්ෂාව සඳහා ප්‍රංශයේ සිට විශේෂ නිලධාරියෙකුද පැමිණ ඇති අතර දිවයිනට රැගෙන ආ එම කුසලානය ලබන 23වනදා දක්වා මහජන ප්‍රදර්ශනයට තැබේ .

 

2023 රග්බි ලෝක කුසලාන තරඟාවලිය සැප්තැම්බර් 8 සිට ඔක්තොම්බර් 28 දක්වා ප්‍රංශයේ පැවැත්වීමට නියමිතයි.