Friday, March 29, 2024
Follow Us
සෞදි ආරාබියෙන් 2023 වර්ෂයට ලංකාවේ ශ්‍රමිකයින්ට වැඩි අවස්ථාවක්

2023 වසරේ දී ශ්‍රමිකයන් 200,000කට පමණ රැකියා ලබා දීමට කටයුතු කරනු ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති Khalid bin Hamoud Nasser Aldasam Alkahtanilk මහතා අතර පැවති හමුවකින් පසුවය.

සෞදි අරාබිය විසින් 2022 වසරේ දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 54,000ක් සඳහා රැකියා අවස්ථා සපයා තිබේ.

මේ වන විට සෞදි අරාබියේ විදෙස් ශ්‍රමිකයන්ගෙන් 01%ක් එනම් 110,000ක රැකියා ප්‍රමාණයක ශ්‍රී ලාංකිකයන් සේවය කරන අතර 2023 වසර සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දී ඇති මුළු රැකියා ප්‍රමාණයට ම සරිලන පරිදි පුහුණු ශ්‍රමිකයන් යොමුකිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.