Friday, April 26, 2024
Follow Us
වනිදුගේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට තියුණු ජයක්

වනිදු හසරංග කඩුළු 4ක් දවාගනී


ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ලකුණු 109කින් ජය ගැනීමට වනිදු හසරංග නායකත්වය දරණ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩයම සමත් විය.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 199ක් රැස්කර ගැනීමට සමත් විය.

එහිදී ඇන්ඩ්රි ෆ්ලෙචර් නොදැවී ලකුණු 102ක් රැස්කර ගැනීමට සමත් විය.

ඔහු එම ශතකය රැස්කර ගත්තේ පන්දු 67කදීයි.

ෆ්ලෙචර්ගේ එම ශතකයට දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 11ක් ද ඇතුළත් වේ.

ඒ අනුව මෙවර එල්.පී.එල්. තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට ඇන්ඩ්රි ෆ්ලෙචර් සමත්ව තිබේ.

ෆ්ලෙචර්ට අනගි සහයක් ලබාදුන් පැතුම් නිශ්ශංක පන්දු 41කදී ලකුණු 71ක් රැස්කර ගැනීමට සමත් විය.

පැතුම්ගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් ද ඇතුළත් වේ.

පන්දු යැවීමේදී කලම්බු ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන් සීකුගේ ප්‍රසන්න කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට පන්දුවාර 14යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 90ක් පමණයි.

කලම්බු ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගත්තේ නායක ඇන්ජලෝ මැතිව්ස් පමණීයි.

ඒ, ලකුණු 26යි.

පන්දු යැවීමේදි කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් නායක වනිදු හසරංග කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

තරගයේ වීරයා සම්මානය නොදැවී ලකුණු 102ක් රැස්කර ඇන්ඩ්රි ෆ්ලෙචර්ට හිමිවිය.

Aruna