Friday, March 29, 2024
Follow Us
ලංකාව ගොඩ ගන්න චීනය මැදිහත් වේ

චීන විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්


ශ්‍රී ලංකාව මේ වන විට මූණ දී ඇති ආර්ථික දුෂ්කරතා මඟහරවා ගැනීමට චීනය ධනාත්මක කාර්ය භාරයක් ඉටු කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් මේ වෙනුවෙන් ශ්‍රී ලංකාවට ණය සැපයූ රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුද හා එක්ව කටයුතු කිරීමට චීනය බලාපොරොත්තු වන බවත් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මා වෝ නිංග් පවසයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල්වල ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම සතියේ දී ජාත්‍යාත්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් චීනය බලා පැමිණිමට නියමිත බවට ඇති ආරංචිය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇය මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකාවට පවතින දුෂ්කරතා මගහරවා ගැනීමට අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන චීනය සමඟ ධනාත්මක කාර්යභාරයක් ඉටුකරනු ඇතැ යි තම රට අපේක්ෂා කරන බව යි.

‘‘ ශ්‍රී ලංකාව සමග කටයුත කර ප්‍රශ්නය නිසියාකරව විසඳා ගැනීමට අපි අදලා මූල්‍ය ආයතවලට සහය දෙන්නෙමු. ‘‘ යනුවෙන් ඇය පවසා තිබේ.

චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර ආර්ථික හා මූල්‍ය ආයතන සමඟ දිගුකාලීන හොඳ සහයෝගීතාවයක් ඇති බව ද මාඕ පවසා තිබේ.

Aruna