Friday, April 19, 2024
Follow Us
එල් පී එල් තරගාවලිය අද ඇරඹෙයි

2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අදින් ආරම්භ වනවා. මෙවර එම තරගාවලිය පැවැත්වෙන්නේ 03 වන වරටයි. තරගාවලිය ආරම්භ කරමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අද පස්වරුවේ පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

කලම්බු ස්ටාර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් අතර තරගයක් ද අද රාත්‍රියේ පැවැත්වෙනවා. දින 18 ක් පුරා පැවැත්වෙන මෙවර එල් පී එල් තරගාවලියට තරග 24 ක් ඇතුළත්.

එම තරග සූරියවැව, පල්ලෙකැලේ සහ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 23 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

Neth