Thursday, March 28, 2024
Follow Us
පාපන්දුව උඩු යටිකුරු වෙයි - ලෝක ශූර ජර්මනිය හා බෙල්ජියම ලෝක කුසලානයෙන් ඉවතට

පාපන්දු ලෝක කුසලානය මේ වන විට උඩුයටිකුරුවී තිබෙනවා. ඒ, ඊයේ රාත්‍රියේ සහ අද අලුයම පැවති තීරණාත්මක තරඟ 04 ක තීරණ ලැබීමත් සමඟයි. එහිදී කැපී පෙනෙනම සිද්ධිය වූයේ අවස්ථා 04 කදී ලෝක ශූරයින්වී ඇති ජර්මනිය මෙවර පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වීමයි.

එමෙන්ම ලෝක් ශ්‍රේණිගත කිරීම්වල අංක දෙකේ කණ්ඩායම වන ප්‍රභල බෙල්ජියමට ද පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වීමට සිදුවුණා. එමෙන්ම ලෝක ශූර ස්පාඥ්ඥය, ජපානය හමුවේ පරාජයට පත්වීමද අද අලුයම සිදුවූ තවත් පෙරළිකාර සිද්ධියක්.

බෙල්ජියම් කණ්ඩායම සහ ලෝක අනුශූර ක්‍රොඒෂියා කණ්ඩායම අතර තරඟය අවසන්වූයේ ජය පරාජයෙන් තොරවයි. ලෝක කුසලානයේ ඉදිරි වටයට සුදුසුකම් ලැබීමට නම් මෙම තරඟය ජය ගැනීම බෙල්ජියමට අනිවාර්්‍ය වී තිබුණා. කැනඩාව සමඟ පැවති තරඟයෙන් ගෝල දෙකට එකක් ලෙස පෙරළිකාර ජයක් වාර්තා කිරීමට මොරොක්කෝව ඊයේ රාත්‍රියේ සමත්වුණේ බෙල්ජියමේ සහ කැනඩාවේ ලෝක කුසලාන බලාපොරොත්තු බිඳ දමමින්.

අද අලුයම පැවති ජපාන ස්පාඥ්ඥය තරඟය ලෝකයේ ම අවධානය දිනාගත් තරඟයක් වූයේ එහි තීරණය ජර්මනිය ඇතුලු එම කාණ්ඩයේ කණ්ඩායම් 04 ටම එකසේ බලපෑම හේතුවෙන්.

කෙසේවෙතත් ලෝක ශූර ස්පාඥ්ඥය අභිබවා ගෝල දෙකට එකක් ලෙස පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ජපානය සමත් වුණා. ජර්මනියේ ඉරණමටද මෙම තරඟය ප්‍රභල බලපෑමක් එල්ල කළා. ඒ අනුවයි අද අලුයම පැවති ජර්මනිය සහ කොස්තරිකා තරඟය ආරම්භ වුණේ. එම තරඟයෙන් ගෝල 04 ට දෙකක් ලෙස ජර්මනිය ජයගත්තද ජර්මනියට හා කොස්තරිකාවට සිදුවුණේ ලෝක කුසලානයෙන් ඉවත් වීමටයි.

අවස්ථා 04 කදී ලෝක ශූරයින්වී ඇති ජර්මනියට 2018 වසරේ අවසන් වරට පැවති ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත් වීමට සිදුවුණා.

Neth