Friday, February 13, 2026
Follow Us
චීනයේ හිටපු ජනපති අභාවප්‍රාප්ත වෙයි

චීනයේ සිටි විශිෂ්ඨ නායකයෙකු ලෙස සැලකෙන ජියැංග් සෙමින් මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.

ෂිංහුවා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ එරට හිටපු ජනාධිපතිවරයා, ලියුකේමියාව සහ ඒ ආශ්‍රිත බහු අවයව අකර්මණ්‍ය වීම හේතුවෙන් අද (30) ෂැංහයිහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මිය යන විට ඔහු 96 වියේ පසුවිය.

මේ සම්බන්ධයෙන් චීනයේ කොමියුනිස්ට් පක්ෂයෙන් නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

Mirror