Saturday, February 14, 2026
Follow Us
ලෝක බැංකුවෙන් රතු එළි

ලෝක බැංකු සභාපතිගෙන් ප්‍රකාශයක්


ලබන වසරේදි ලෝක ආර්ථික අවපාතයක් ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්ෆාස් (10) ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2022 වාර්ෂික ඒකාබද්ධ සමුළුව ඇමරිකාවේ වොෂිංටන් හිදී (10) ආරම්භ විය.

එම අවස්ථාවේ දී ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්ෆාස් මෙම අදහස් ප්‍රකාශ කළේය.

එළඹෙන (16) වනදා දක්වා පැවැත්වෙන එම සමුළුවට ලොව සෑම රටකම පාහේ මහ බැංකු අධිපතිවරුන්, මුදල් අමාත්‍යවරුන්, පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජ නියෝජිතයින් සහභාගී වේ.

ලෝක ආර්ථිකය ප්‍රමුඛ ගෝලීය ප්‍රවනතා, දුප්පත්කම තුරන් කිරීම, ආර්ථික සංවර්ධනය මෙන්ම ආධාර භාවිතයේ කාර්යක්ෂමතාව වැනි කරුණු ඇගයීමට ලක් කිරීම සමුළුවේ මූලික අරමුණ වේ.

මෙවර සමුළුවට ශ්‍රී ලංකා නියෝජනය කරමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන අයද එක්ව සිටිති.

මෙවර ශ්‍රී ලංකාව මෙම සමුළුවට සහභාගි වන්නේ දැඩි ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ මූල්‍ය පහසුකමක් ලබාගැනීම සඳහා කාර්යය මණ්ඩල එකඟතාවකට එළඹ ඇති පසුබිමකය.

Aruna