Saturday, February 14, 2026
Follow Us
 ටියුෂන් මධ්‍යස්ථානයක් ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක්

35 දෙනෙකු මියගිහින් – 80කට වැඩි පිරිසක් තුවාල


ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් හේතුවෙන් විශාල පිරිසක් මියගොස් තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ගැහැණු දරුවන් සහභාගී වූ ටියුෂන් මධ්‍යස්ථානයක් ඉලක්ක කර එම මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකර ඇති බවය.

ඉන් 35 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් බහුතරයක් සිසුවියන් බව සඳහන් වෙයි.

ප්‍රහාරය හේතුවෙන් 80කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි.

Aruna