Saturday, February 14, 2026
Follow Us
IMF ණය තවත් ප්‍රමාද වන ලකුණු

ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල ලබාදීම සදහා සිය විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවන කාලසීමාව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එම ණය මුදල දෙසැම්බර් මස මැද භාගය වන විට ලබා ගැනීමටයි ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් සිටින්නේ.

එහෙත් නිකෙයි ඒෂියා පුවත්පත පැවසුවේ ණය බරින් පීඩිත වී සිටින ශ්‍රී ලංකාව ණය හිමියන් සමග සිදුකරන සාකච්ඡාවල ප්‍රගතිය මත බොහෝ දේ රඳා පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති බවයි.

ණය සහන සාකච්ඡා ක්‍රියාවලියට කාලයක් ගතවන බැවින් මෙසේ කාලසීමාවක් අනුමානය කිරීම ඉතාමත් අපහසු කාර්යයක් බවත් ශ්‍රී ලංකාවට හැකි ඉක්මණින් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලුම පාර්ශ්ව කාර්යක්ෂමව, කඩිනමින් කටයුතු කළ යුතු බවත් ජාත්‍යන්තර අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් සහ මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි, නිකෙයි ඒෂියා පුවත්පතට වැඩිදුරටත් පවසා තිබෙනවා.

Neth