Wednesday, September 23, 2026
Follow Us
එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියක් අද දිවයිනට

මානුෂීය ආධාර වැඩසටහන ගැන සාකච්ඡාවක්


රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිතවරිය වන සින්ඩි මැකේන් අද (25) දිවයිනට පැමිණීමට නියමිතය.

ඇය ලබන 28 වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිත අතර කොළඹ දී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආධාර ලබාදෙන සංවිධාන මුණ ගැසී සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

එමෙන්ම එක්සත් ජනපද අරමුදලෙන් ක්‍රියාත්මක වන මානුෂීය ආධාර වැඩසටහන්වල ප්‍රතිලාභීන් සහ ඒවා ක්‍රියාත්මක කරන පාර්ශව සමඟ ද ඇය සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Aruna