Saturday, February 14, 2026
Follow Us
ශ්‍රී ලංකාව ඉහළ වර්ධනයක් අත්කර ගත් අංශ ආර්ථික අර්බුදය හමුවේ කඩා වැටමින් ඇති බව එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිතවරිය කියයි

සෞඛ්‍යය, අධ්‍යාපනය සහ දරිද්‍රතාවය දුරලීම වැනි අංශවලින් ශ්‍රී ලංකාව ලබාතිබූ ප්‍රගතිය වර්තමානයේ මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානමකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හැනි සිංගර් පවසනවා.



මෙම අවස්ථාවේදී රට තුළ පවතින ආහාර සහ ඖෂධ හිගය මගහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ මිතුරන් එක්විය යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ.

වසර 04 ක් පුරා ශ්‍රී ලංකාවේ රැඳී සිටි තමන් සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවලින් අත්කර ගෙන තිබූ ප්‍රගතිය දුටු අයෙකු බවයි එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරිය විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ.

මෙම අවස්ථාවේදී ආහාර සුරක්ෂිතතාව, ඖෂධ මිලදී ගැනීම වැනි කරුණු සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙන සෑම ඩොලරයක්ම ජීවිත රැකදීමට සහය ලබාදෙනු ඇති බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

Neth