Sunday, February 15, 2026
Follow Us
ජපානයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 1,265ක ප්‍රදානයක්

ජපාන, යෙන් මිලියන 500ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට ජපාන රජය එකඟතාව පල කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බෝ නොවන රෝග සත්කාරක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා එම ප්‍රදානය ලබාදීමට නියමිතයි.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව ලබා දෙන එම මුදලේ වටිනාකම මෙරට මුදලින් රුපියල් මිලියන 1,265ක්.

එම ප්‍රදානයට අදාල ලේඛණ හුවමාරුව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ එම් මහින්ද සිරිවර්ධන සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි අතර 18 සිදු වුණා.

Neth