Sunday, February 15, 2026
Follow Us
චීන දැවැන්ත සමාගමක් මෙරට ඉන්ධන බෙදන්න යයි

ලංකාවේ ඉන්ධන පිරවුම්හල් අරඹන්න යන අලුත්ම සමාගම


චීනයේ විශාලතම ඉන්ධන සමාගම වන සිනොපෙක් සමාගම ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳපොළ වෙත ඉන්ධන ආනයන, බෙදාහැරීමේ සහ අලෙවි කර්මාන්තය වෙනුවෙන් පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

Belt & Road Lanka (Private) Limited විසින් ට්විටර් සටහනක් තබමින් මේ බව පැවසීය.

 

දැනට ශ්‍රී ලංකාවේ තෙල් සැපයුම් 90% රජය විසින්ද ඉතිරි 10% ඉන්දීය තෙල් සමාගමෙන්ද සිදුකරනු ලබයි.

මේ වන විට චීන සමාගම් විසින් හම්බන්තොට වරාය පරිශ්‍රයේ තෙල් ගබඩාවක්ද ඉදි කරමින් පවතින බව වාර්තා වේ.

Aruna