Tuesday, September 22, 2026
Follow Us
ජපාන තානාපතිවරයා විදේශ කටයුතු ඇමති හමුවට

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි මැතිතුමා 2022 ජූලි 28 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ අභිනව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා හමුවිය.

70 වන සංවත්සරය සනිටුහන් කරන මෙම වසරේ දී, දෙරටේ බහුවිධ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය සබ්‍රි මැතිතුමා සහ තානාපති මිසුකොෂි මැතිතුමා මෙහිදී සාකච්ඡා පැවැත්වූහ.

LNW