Sunday, April 12, 2026
Follow Us
ගූගල් සමාගමට ඩො.මිලියන ගණනාවක දඩයක්

නීති ප්‍රතික්ෂේප කිරීම නිසා ලැබුණු දඩුවම


යුක්රේනයේ ගැටුම පිළිබඳ තහනම් තොරතුරු මකා දැමීමට අපොහොසත් වීම නිසා රුසියානු අධිකරණයක් ගූගල් සමාගම වෙත රුබල් බිලියන 21 (ඇ.ඩො.මිලියන 366) දඩයක් නියම කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

රුසියානු නීතියෙන් තහනම් කර ඇති තොරතුරු මකා දැමීම නැවත නැවතත් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මොස්කව්හි ටගන්ස්කි දිස්ත්‍රික් උසාවිය තොරතුරු තාක්ෂණ සමාගමට පිරිවැටුම මත පදනම් වූ දඩයක් නියම කර තිබේ.

ජාතික අන්තර්ජාල සහ මාධ්‍ය නිරීක්ෂකයා වන රොස්කොමන්ඩ්සෝර්, යුක්‍රේනයේ රුසියාවේ හමුදා ප්‍රහාරය සම්බන්ධයෙන් “නොමඟ යවන සුළු තොරතුරු” යූටියුබ් වෙතින් ඉවත් කරන ලෙස සමාගමට මීට පෙර දක්වා තිබුණි.

Aruna