Saturday, August 01, 2026
Follow Us
චීනයෙන් ඩොලර් බිලියන 04 ක් ලබා ගැනීමට සාකච්ඡා

අමෙරිකානු ඩොලර් බිලියන 04 ක ණය ආධාරයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව චීනය සමඟ සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන ප්‍රකාශ කර ඇත්තේ ඒ සඳහා චීනය එකඟ වනු ඇතැයි විශ්වාස කරන බවයි. චීනයෙන් ලබාගෙන ඇති ණය මුදල් ගෙවීමට ඩොලර් බිලියන 01 ක්, චීනයෙන් සිදු කරන ආනයන සඳහා ගෙවීමට ඩොලර් බිලියන 1.5 ක් සහ ඩොලර් බිලියන 1.5ක ස්වැප් පහසුකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

Neth