Sunday, April 12, 2026
Follow Us
මෙරට පාසැල් ළමුන් වෙනුවෙන් චීනයෙන් සහල් පරිත්‍යාගයක්

සහල් මෙට්ට්‍රික් ටොන් දහසක තොගයක් චීනය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට භාරදී තිබෙනවා. මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ බහලුම් 44 රැගෙන ආ එම සහල් තොගය මෙරට ළමුන් අතර බෙදාදීම සදහා භාරදුන් බවයි.

පාසල් 7,900 ක ළමුන් ලක්‍ෂ 11 කට මාසය 6 ක කාලයක් එම සහල් තොගය චීනය විසින් පරිත්‍යාග කර තිබෙනවා. තවත් සහල් තොග දෙකක් ඉදිරි සතිය තුළ ලබාදීමට පියවර ගන්නා බවයි චීන තානාපති කාර්යාලය පැවසුවේ.

මේ අතර මෙරට පාසල් ළමුන්ට නිල ඇදුම් රෙදි ලබාදීම සම්බන්ධයෙන්ද අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් සිටින බවද චීන තානාපති කාර්යාලය ට්විටර් පණිඩියක් නිකුත් කරමින් සදහන් කරනවා. චීනය අපේක්‍ෂා කරන්නේ මෙරට පාසල් සිසුන්ට ලබන වසරට අදාළ නිල ඇදුම් ලබාදීමටයි.

Neth