Sunday, April 12, 2026
Follow Us
මෙරට ඉන්ධන සැපයුම කඩිනම් කිරීමට සහයෝගය දෙන බවට ඉන්දියාවෙන් යළිත් සහතිකයක්

මේවනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල් සැපයුම කඩිනම් කර ගැනීම සඳහා අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදෙන බව ඉන්දීය ඛණිජතෙල් අමාත්‍ය හර්දීප් සිං පූරි පවසනවා. ඔහු ඒ බව පවසා ඇත්තේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සමග පැවැති සාකච්ඡාවකදීයි.

මෙම තීරණාත්මක අවස්ථාවේදී සමීප පාර්ශවයක් ලෙස කටයුතු කරන බව ඉන්දීය ඛණිජතෙල් අමාත්‍යවරයා, ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වෙත පවසා ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම ඉන්ධන, ගෑස් සහ ඒ ආශ්‍රිත සැපයුම් අංශවලදී ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට දිගුකාලීන සබඳතා ඇති කර ගත හැකි ක්‍රම සම්බන්ධයෙන් ද ඉන්දීය ඛණිජතෙල් අමාත්‍ය හර්දීප් සිං පූරි සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Neth