Monday, February 16, 2026
Follow Us
රුසියානු තෙල් ගැන අලුත් ආරංචියක්

චීනයේ විශාලතම තෙල් සැපයුම්කරු බවට රුසියාව පත්වෙයි


රුසියාව චීනයේ විශාලතම තෙල් සැපයුම්කරු බවට පත්ව තිබේ.

යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් බටහිර රටවල් රුසියානු තෙල් සඳහා සම්බාධක පැනවුවද වට්ටම් යටතේ චීනයට බොරතෙල් අලෙවි කිරිමට රුසියාව පියවර ගෙන තිබුණි.

ඒ අනුව වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ චීනය මෙතෙක් ප්‍රධානතම බොරතෙල් සැපයුම්කරු වූ සෞදි අරාබියට වඩා රුසියානු තෙල් ලබාගෙන ඇති බවය.

ඉන්දියාව ද රුසියාවෙන් වාර්තාගත ලෙස බොරතෙල් ආනයනය සිදුකර තිබේ.

Aruna