Monday, February 16, 2026
Follow Us
රුසියාවට තැපැල් භාණ්ඩ ප්‍රවාහනය නවතී

එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවයි


රුසියාව සඳහා වන ගුවන් තැපෑල ප්‍රවාහනය කළ එරෝෆ්ලෝට් රුසියානු ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් ගමන් නතර කිරීමට තීරණය කර තිබේ.

එම නිසා තැපෑල ප්‍රවාහනය සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකසන තෙක් රුසියාව සඳහා තැපැල් ප්‍රවාහනය තාවකාලිකව නතර කිරීමට සිදු වී ඇත.

ඒ අනුව නියෝජ්‍ය තැපැල්පති තැපැල් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී තිබෙන්නේ රුසියාව වෙත භාර ගන්නා සියලු ම තැපැල් භාණ්ඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නතර කරන ලෙස කවුළු නිලධාරින් දැනුවත් කරන ලෙසයි.

කෙසේවෙතත් ගුවන්ගමන් කටයුතු යථා තත්ත්වයට පත්වීමෙන් අනතුරුව රුසියාව වෙත සිදුකරන තැපැල් භාණ්ඩ ප්‍රවාහන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කර තිබේ.

Aruna