Tuesday, April 21, 2026
Follow Us
කාන්තාවන්ට අලුත් නීතියක්

කාන්තාවන්ට පොදු ස්ථානවලදි සාම්ප්‍රදායික ඇඳුමක්


ඇෆ්ගනිස්ථානයේ අධ්‍යාත්මික නායක හා තලෙයිබාන් ප්‍රධානී හිබතුල්ලා අකුන්සාදා විසින් කාබුල්හි පැවති උත්සවයකදී කාන්තාවන්ට හිසේ සිට පාදාන්තය දක්වා ආවරණය වන පරිදි බුර්කාව පැළඳීමට ආඥාවක් නිකුත් කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කරන පරිදි කාන්තාවන්ට පොදු ස්ථානවලදී පෙනී සිටීමට වඩා ගෞරවාන්විත හා සාම්ප්‍රදායික ඇඳුම එය ඔහු පවසා තිබේ.

පසුගිය වර්ෂයේදී ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් පිටවී යාමත් සමග එහි බලය අත්පත් කර ගත් තලේබානුවන් විසින් කාන්තාවන්ට එරෙහිව විවිධ තහනම් හා සීමා කිරීම් පැන වූ නමුත් මෙම ආඥාව මේ දක්වා පැනවූ දැඩිම තහනම බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

(Aruna)