Saturday, August 01, 2026
Follow Us
ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 56ක්

ඖෂධ තොගය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 830ක්


බංගලාදේශය අමෙරිකානු ඩොලර් මිලියන 2.3ක අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 56ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බව තහවුරු කර කර තිබේ.

එම ඖෂධ තොගය ඩකා නුවර ශ්‍රී ලංකා තානාපතිවරයාට අද දින නිළ වශයෙන් භාරදීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

මෙම ඖෂධ තොගය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 830ක් පමණ වෙයි.

(Aruna)