Tuesday, February 17, 2026
Follow Us
මරිපෝල් නගරයේ වානේ කම්හලක සිරවී සිටි යුක්රේන වැසියන් සිය දෙනෙක් මුදා ගැනේ

යුක්රේනයේ මරිපෝල් නගරයේ වානේ කම්හලක සිරවී සිටින පිරිස අතරින් සිවිල් පුද්ගලයන් සිය දෙනෙක් මුදාගෙන තිබෙනවා. ඒ, රුසියානු හමුදා විසින් එම කම්හල පිහිටි ස්ථානය වටලා සති කිහිපයක් ගතවීමෙන් පසුවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් එම පිරිස මුදාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වානේ කම්හල තුළ සිරවී සිටින සෙසු සිවිල් වැසියන් ඉවත් කර ගැනීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග කටයුතු කරමින් ඇති බව යුක්රේන ජනාධිපති ව්ලැද්මියර් සෙලන්ස්කි ප්‍රකාශ කර තිබෙනවා.
(Neth)