Tuesday, February 17, 2026
Follow Us
අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඉන්දියාව දුන් ණයෙන් සිදුකිරීමට යන දෙයක් ගැන සමාජ මාධ්‍යයේ තොරතුරු පැතිරෙයි

ඉන්දියාවෙන් ලබාදුන් ඩොලර් බිලියන එකක ණය ආධාර මගින් වානේ ආනයනය කිරීමේ සූදානම් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් ප්‍රචාරය වනවා.

එම ණය පහසුකමෙන් දැනටමත් ඩොලර් මිලියන 250 ක් වැය කර අවසන්. රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය භාණ්ඩ, ඉන්ධන, ගෑස් ආදිය ගෙන්වා ගැනිමට විදේශ විනිමය අත්‍යවශ්‍ය මොහොතක එම මුදල් වානේ ආනයනය කිරීම යෙදවීම සම්බන්ධයෙන් ආර්ථික විශේෂඥයින් කණස්සල්ල පළ කර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

(Neth)