Tuesday, February 17, 2026
Follow Us
ඩොලර් මිලියන 1.6ක් වටිනා ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට

ඉන්දුනීසියාව මෙරටට ලැබුනු මානුෂීය ආධාරය


අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණවලින් සමන්විත ටොන් 3.1 ක මානුෂීය ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් 28 ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඉන්දුනීසියාව විසින් එම ඖෂධ සහ උපකරණ මෙටරටට ලබාදුන් අතර එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 1.6 කි.

මෙම මානුෂීය ආධාර තොගය කාණ්ඩ දෙකක් යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන අතර ඉන් පළමු කාණ්ඩය 28 පස්වරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් ජකර්තා සිට මෙරටට ගෙනඑනු ලැබීය.

(Aruna)