Tuesday, February 17, 2026
Follow Us
තනි තනිව ඉන්ධන ආනයනය කරන්න අලුත් අවස්ථාවක්

විදේශීය ආයෝජකයින් සදහා දීර්ඝ කාලීන වාස වීසා බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අමෙරිකානු ඩොලර් 75,000ක් හෝ ඊට වැඩි වශයෙන් ආයෝජනය කරන විදේශිකයින්ට හා විදේශීය සමාගම්වල අධ්‍යක්ෂකවරුන්ට, ඔවුන්ගේ කාලත්‍රයින්ට සහ යැපෙන්නන්ට එලෙස ආයෝජනය කරන ඩොලර් ප්‍රමාණය මත පදනම්ව වසර පහේ සිට 10 දක්වා දීර්ඝ කාලීන වාස වීසා නිකුත් කරනු ඇතී.

මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් වාණිජ බැංකුවක අවම වශයෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන විදේශිකයින් හට වසර 10ක වීසා නිකුත් කිරීමට හැකි වන පරිදි රන් පාරාදීස වීසා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නාලක ගොඩහේවා පැවසුවේ.

(Neth)