Tuesday, February 17, 2026
Follow Us
ඉලෝන් මස්ක් ට්විටර් මිල දී ගනී

ට්විටර් පාලන බලය ලොව ධනවත්ම පුද්ගලයාට


ඉලෝන් මස්ක් විසින් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඩොලර් බිලියන 44කට මිලදී ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ට්විටර්හි පාලන බලය ලොව ධනවත්ම පුද්ගලයාට හිමිවෙයි.

ට්විටර් ලොව වේගයෙන් ව්‍යාප්තවන සමාජ මාධ්‍ය ජාලයකි. එහි සාමාජිකයින් ගණන මිලියන 396.5කි.

මීට වසර 16කට පමණ පෙර ස්ථාපනය කළ ට්විටර් හි වෙනස්කම් රාශියක් ඉදිරියේදී සිදුවීමට ඉඩ ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.

මස්ක් නිදහස් අදහස් ප්‍රකාශනයට මුල්තැන දෙන අයෙක්එ වන බැවින් ඉදිරියේදී නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ට්විටර් ගිණුම් හිමියන්ට අවස්ථාව හිමිවීමට ඉඩ ලැබෙන බව විචාරකයෝ පවසති.

(Aruna)