Tuesday, February 17, 2026
Follow Us
යුපුන් අබේකෝන් නව ආසියානු වාර්තාවක් පිහිටුවයි

ජපාන ධාවන ශූරයෙකුගේ වාර්තාවක් යුපුන් බිඳහෙළයි


මෙරට කෙටිදුර ධාවන ශුරී යුපුන් අබේකෝන් විසින් නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.

ඒ, ඊයේ ඉතාලියේ පැවති මලල ක්‍රීඩා උළෙලකදීය.

මීටර් 150 ධාවන ඉසව්වේ නව ආසියානු වාර්තාවක් තැබූ යුපුන් එහිදී එම ඉසව්ව තත්පර 15.16කින් නිමා කර ඇත.

එම ඉසව්වේ ආසියානු වාර්තාව ලෙස සටහන්ව තිබුණේ තත්පර 15.35ක් ලෙසටය.

එම වාර්තාව හිමිකරගෙන තිබුණේ ජපාන ධාවන ශූරයෙකු වූ Yoshihide Kiryu විසිනි.

(Aruna)