Tuesday, February 17, 2026
Follow Us
ඇෆ්ගනිස්තාන මුස්ලිම් පල්ලියක පිපිරීමක්

බෝම්බ ප්‍රහාරයෙන් විශාල පිරිසක් මරුට


ඇෆ්ගනිස්තානයේ දේවස්ථානයක් ඉලක්ක කර සිදු කළ බෝම්බ ප්‍රහාරයකින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

කුන්ඩූස් නගරයේ සුන්නි මුස්ලිම් දේවස්ථානයක එම පිපිරීම සිදුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේය.

ඉන් තවත් 43 දෙනෙකු තුවාල ලැබූ බව සඳහන් වෙයි.

බැතිමතුන් යාච්ඥා කිරීමට සූදානම් වන විට ප්‍රහාරය එල්ලකර තිබුණි.

මෙම ප්‍රහාර අයි එස් ත්‍රස්තවාදීන් කර ඇති බව තලිබාන් පාලකයින් පැවසීය.

(Aruna)