Tuesday, February 17, 2026
Follow Us
විශ්වාසභංගයෙන් විපක්ෂයට ජය

ඉම්රාන් ඛාන්ට අගමැති ධූරය අහිමිවෙයි


පාර්ලිමේන්තු විශ්වාසභංග යෝජනාවකින් ඉම්රාන් ඛාන් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ධූරයෙන් පහ කර තිබේ.

විපක්ෂය ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 174කි.

විශ්වාසභංග යෝජනාවට ජයග්‍රහණය කිරීමට නම් 342දෙනෙකුගෙන් සමන්විත පාකිස්ථානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 172දෙනෙකුගෙන් ඊට ලබාගත යුතු වේ.

ඒ අනුව විශ්වාසභංගයකින් නෙරපා හැරුණු පාකිස්ථානයේ පළමු අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් ඉතිහාසයට එක්වනු ඇත.

ඉම්රාන් ඛාන්ට එරෙහිව පාකිස්ථාන විපක්ෂ නායක ඇතුළු විපක්ෂය අදාළ විශ්වාසභංග යෝජනාව ගෙන එනු ලැබුවේ පසුගිය සතියේදීයි.

(Aruna)