Tuesday, February 17, 2026
Follow Us
ආර්ථිකය බිඳදැමූ බවට චෝදනා කරමින් පාකිස්තාන අගමැතිට විශ්වාසභංගයක්

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. එම විශ්වාසභංග යෝජනාව එරට විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධ යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පාකිස්තාන ආර්ථිකය වැරදි ලෙස කළමනාකරණය කරමින් රට බරපතල අර්බුදයකට ඇදදමා ඇතැයි චෝදනා කරමින් එම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. ලබන බ්‍රහස්පතින්දා එය විවාදයට ගැනීමට නියමිත අතර දින 07 ක් තුළ ඊට අදාළ ඡන්ද විමසීමක් පැවැත්විය යුතුයි.

ආසන 342 කින් යුත් පාකිස්තාන ජාතික සභාව තුළ එම යෝජනාව සම්මත කිරීමට නම් මන්ත්‍රීවරුන් 172 දෙනෙකු ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ යුතු වනවා.

(Neth)