Saturday, August 01, 2026
Follow Us
ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුසියාවේ ගුවන්ගමන් අත්හිටුවයි

ශ්‍රී ලංකාව සහ රුසියාවේ මොස්කව් අතර සිදුකෙරෙන සියලු ගුවන් ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.

රුසියානු - යුක්‍රේන යුද්ධය හේතුවෙන් රුසියාවට එරෙහිව මූල්‍ය සහ ගුවන්යානා රක්ෂණ සීමාවන් පනවා තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කළේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුසියාව වෙත සිදුකරන ගුවන් ගමන් සඳහා එය සෘජුවම බලපාන බැවින් නැවත දැනුම්දෙනතුරු එම ගුවන් මෙහෙයුම් සිදුවන්නේ නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සහ මොස්කව් අතර සතිපතා සිදුකළ ගුවන් ගමන් වාර ගණන 02 ක්.


(Neth)