Tuesday, February 17, 2026
Follow Us
බොරතෙල් මිල යළි වැඩිවෙයි

ඉහළ ගිය බොරතෙල් මිල මෙන්න


ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල නැවතත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

රුසියානු තෙල් සහ ගෑස් සඳහා පැනවුණු බටහිර සම්බාධක මෙන්ම සෞදි අරාබියේ තෙල් ගබඩාවක් ප්‍රහාරයකට ලක්වීම ආදී කරුණු හේතුවෙන් මෙලෙස බොර තෙල් මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතල් බැරලයක් ඩොලර් 120 යි ශත 70 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 114 ක් ලෙසයි.

(Aruna)