Tuesday, February 17, 2026
Follow Us
චීනයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික්ටොන් 2000ක්

චීනයෙන් හදිසි ආහාර ආධාරයක්


ශ්‍රී ලංකාවට සහල් ටොන් 2,000ක් පරිත්‍යාග කිරීමට චීනය තීරණය කර තිබේ.

ඒ, චීන – ශ්‍රී ලංකා අතර රබර් සහ සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය වෙනුවෙනි.

චීන තානාපති කාර්යාලය පැවසුවේ හදිසි ආහාර ආධාරයක් ලෙස මෙම සහල් තොගය ලබාදෙන බවයි.
‍ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන චීන රජය එම තීරණය ගෙන ඇත.

වර්තමාන ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස ශ්‍රී ලංකාව චීන රජයෙන් ඩොලර් බිලියන 2.5 ක ණයක් ද මීට පෙර අයදුම් කර තිබේ.

(Aruna)