Tuesday, February 17, 2026
Follow Us
යුද්ධය අත්හරින්න - ජගත් සංවිධානය රුසියාවෙන් යළි ඉල්ලයි

යුක්රේනයට එරෙහිව ගෙන යන යුද්ධය අතහරින්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියාවෙන් යළි ඉල්ලා සිටිනවා. එම සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටර්ස් පැවසුවේ යුක්රේනය තුළ යුද්ධය වේගයෙන් ක්‍රියාත්මක බවයි.

ඒ හමුවේ යුක්රේන වැසියන් අපායක් තුළ දිවිගෙවන බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා ප්‍රකාශ කළා. රුසියාව විසින් යුක්රේනය තුළ අඛණ්ඩව දියත් කර ඇති යුද්ධය සදාචාරාත්මකව පිළිගත නොහැකි බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටර්ස් පැවසුවේ.

එමගින් යුක්රේන වැසියන් දේශපාලනික වශයෙන් අනාරක්ෂිත තත්ත්වයකට පත්වන බව ද ඔහු සඳහන් කළා. යුද්ධය හේතුවෙන් ප්‍රධාන නගර කිහිපයක් අල්ලා ගැනුනද, වීථියෙන් වීථිය - ගෙයින් ගෙය අල්ලා ගත නොහැකියි.

එබැවින් ප්‍රමාද වී හෝ යුද පිටියෙන් ඈත්ව සාම ක්‍රියාවලියකට එළඹීමට යුක්රේනයට මෙන්ම රුසියාවට ද සිදුවන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටර්ස් වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)