Tuesday, February 17, 2026
Follow Us
ටෙස්ට් තරගාවලියේ ජය ඉන්දියාවට

දෙවැනි තරගයේ ඉන්දියාවට ලකුණු 208ක ජයක්


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩයාම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 238කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ.

මෙම තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 252ක් රැස්කර ගත් අතර, ශ්‍රී ලංකා පිලට පිළිතුරු පළමු ඉනිම සදහා රැස්කර ගත හැකි වූයේ ලකුණු 109ක් පමණීයි.

අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහර දුන් ඉන්දීය පිල කඩුළු 9ක් දැවී ලකුණු 303ක් රැස්කර ගෙන සිටියදි ඉනිම අත්හිට වනු ලැබීය.

ඒ අනුව ශ්‍රී ලංකා පිලට හිමි වූ අභියෝගය ලකුණු 447කි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිලට පිළිතුරු දෙවැනි ඉනිම වෙනුවෙන් රැස්කර ගත හැකි වූයේ ලකුණු 208ක් පමණී.

(Aruna)