Wednesday, February 18, 2026
Follow Us
ශ්‍රී ලංකාවට පැමිණ ඇත්ත දකින්න - ඇමති GL මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කර ඇති වාර්තා නිවැරදි නොවන බව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරයට සහභාගීවීමට ජිනීවා නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා රජයේ නියෝජිත කණ්ඩායම, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ හමුවේ පවසා තිබෙනවා. ඒ, එම නියෝජිත කණ්ඩායම ඊයේ රාත්‍රීයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය හමුවූ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ සාමාජික රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ මහ කොමසාරිස්වරිය සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.

 

(Neth)