Wednesday, February 18, 2026
Follow Us
ජිනීවා ගිය ශ්‍රී ලංකා නියෝජිතයින් සහ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය අතර සාකච්ඡාවක් පස්වරුවේ

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරයට සහභාගීවීමට ජිනීවා නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා රජයේ නියෝජිත කණ්ඩායම අද පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ හමුවීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ සාමාජික රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ මානව හිමිකම් කවුන්සිලයේදී
ශ්‍රී ලංකාවට එල්ල වී ඇති පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් තමන් ඇතුළු නියෝජිත කණ්ඩායම විදේශ රටවල් රැසක නියෝජිතයින් හමුවී කරුණු පැහැදිළි කළ බවයි.

(Neth)