Wednesday, February 18, 2026
Follow Us
සංචාරකයින්ට ඔස්ට්‍රේලියාවට එන්න අවසර

වසර දෙකකට පසු යළි ඇරුණු දේශසීමා


වසර දෙකකට පමණ පසු පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් වූ සංචාරකයින්ට තම රටට ඇතුළු වීමට ඔස්ට්‍රේලියාව අවසර ලබා දී තිබේ.

ඒ අනුව අද (21) සිට යළි සංචාරකයින් සඳහා ඔස්ට්‍රේලියා දේශ සීමා විවෘත කරයි.

ජාත්‍යන්තර ගුවන් ගමන් වාර 50ක් පමණ අද දිනය තුළ ඔස්ට්‍රේලියාවට ළඟාවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

(Aruna)