Thursday, February 19, 2026
Follow Us
පකිස්තානයත් ණය කන්දක ගිලෙයි

විදේශ ණය ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළයාම හේතුවෙන් පකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 2019 -2020 මූල්‍ය වර්ෂයේ දී ඇමරිකානු ඩොලර් බිලියන 10.45 ක් විදේශ ණය ලබා ගෙන ඇති පකිස්තානය 2020-2021 මූල්‍ය වර්ෂයේ දී ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය 15.32 ක් දක්වා වැඩිවී ඇති බවයි.

ඒ අනුව, මේ වනවිට පකිස්තානයේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 85.6ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ වාර්තා උපුටා දක්වමින් එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කර තිබෙනවා.

එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ඉම්රාන් ඛාන් ආණ්ඩුව යටතේ ගතවී ඇති වසර තුනක කාලය තුළ රටේ විදේශ ණය ප්‍රමාණය දෙගුණ වී ඇති බවයි.

එම කාලසීමාවේදී ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 35.1ක්.

මේ වනවිට පකිස්තානය දරැණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර එරට ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ඉන්ධන මිල මෙන්ම ඉහළම උද්ධමනයද වාර්තා කර තිබෙනවා.

(Neth)